Posts

Showing posts from October, 2019

මරියානා ආගාධයෙන් මතු වූ අමුතු සත්තු

Image
Sarcastic fringehead සාමාන්‍යයෙන් අඟල් 10 කට හෝ 12 කට වඩා නොවැඩෙන මෙම මත්ස්‍යාගේ විද්‍යාත්මක හඳුන්වන්නේ  Neoclinus blanchardi  ලෙස යි. ප්‍රමාණයෙන් කුඩා වුණත් සිරුරට සාපේක්ෂ ව ඉතාමත් ආක්‍රමණශීලී මත්ස්‍ය විශේෂයක් වන මොවුන් තර්ජනයක් එල්ල වූ විටෙක හැකිතාක් පළල් ලෙස මුඛය විවර කර තමන් වෙතට එන අනෙකුත් විලෝපිකයන් ව ගිල දැමීමට උත්සාහ කරනවා. මෙය ඉතාමත් සාර්ථක ආරක්ෂක උපක්‍රමයක් බව යි සාගර විද්‍යාඥයින්ගේ අදහස වන්නේ. Frilled Shark ඇතැම් අවස්ථාවල දී ‘පණ ඇති ෆොසිලයක්’ ලෙස හඳුන්වන මෙම ආදි කල්පික මත්ස්‍යයා ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට අඩුවෙන් ම පරිණාමනය වූ සත්ත්වයෙක් ලෙස සැලකෙනවා.  Chlamydoselachus anguineus  යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මොවුන් මිහිමත බිහි වී ඇත්තේ අදින් වසර මිලියන 80 කට පමණ පෙර යි. සාමාන්‍යයෙන් අඩි 5,000 ක් පමණ ගැඹුරු මුහුදේ දී හමු වන මෙම මසුන් ආඳෙකු මෙන් දිගින් යුතු වන අතර පේළි 25 ක් ලෙස පිහිටි තියුණු දත් 300 ක් පමණ ඔවුන් සතු වෙනවා. ඉතාමත් ගැඹුරු මුහුදේ ජීවත් වන නිසා මොවුන්ගේ සාමාන්‍ය චර්යාව පිළිබඳ ව තවමත් සාගර විද්‍යාඥයින් නිවැරදි තොරතුරු අනාවරණය කරග...

නවිනම bike එකතුව

Image