ලොව මවිත කළ විශාලම මගී ගුවන් යානය

දැනට ලෝකයේ නිපදවා ඇති විශාලම මගී ගුවන් යානය වන්නේ එයාර් බස් A 380 ගුවන් යානයයි. මෙහි විශාලත්වය නිසා සමහරක් ගුවන් තොටුපළවල් පවා විශාල කිරිමට සිදු වී තිබේ. මෙය සුවිශේෂී ගුවන් යානයක් ලෙස සැළකෙන්නේ එය දිගුදුර, අධිවේගී මගී ගුවන් යානයක් වීම, එකවර මගින් 853 කට ගමන් කළ හැකි වීම, සම්පූර්ණ දිග පුරා විහිදුණු තට්ටු 2ක් හා ප්‍රබල නමුත් කාර්යක්ෂම එන්ජින් 4කින් සමන්විත වීම ආදී කරුණු නිසාවෙනි. නිපදවීමට මූලික වූ පසුබිම බෝයිං 747 යානය ලොව පුරා ගුවන් සේවාවල ප්‍රධානතම තේරීම බවට පත් වීමෙන් පසු 1988 වන විටත් ඇමෙරිකානු බෝයිං සමාගමට වෙළඳපොළ තුළ ආධිපත්‍යයක් හිමිව තිබුණි. නමුත් එයාර් බස් සමාගමේ ඉංජිනේරුවරයෙකු වූ ජේන් රොජර් ට මෙය බිඳ දැමීමට අවශ්‍යතාව අවබෝධ විය. ඒ හේතුවෙන් ඔහු 747 යානයට වඩා වැඩි ධාරිතාවෙන් යුත් ගුවන් යානයක් නිපදවීමට කාටත් නොකියාම සැළසුම් සකස් කළේය. කණ්ඩායම් 4 කින් යුත් එයාර් බස් සමාගම ඒ වන විට පැවති තනි තට්ටුවේ හෝ ඉදිරි කොටසේ පමණක් තට්ටු දෙකක් තිබූ ගුවන් යානා වෙනුවට සම්පූර්ණ දිග පුරාවට විහිදුණු තට්ටු 2 කින් යුත් යානාවක් නිපදවීම තම අරමුණ කර ගත්හ. සැකැස්ම A380 ය...