ලංකාවේ තිබෙන කදු 05


ශ්‍රී ලංකාව කියන්නේ ජෛව විවිධත්වයෙන් පොහොසත් කඳු සහිත දූපතක් කියල තමයි ලෝකයේම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. මධ්‍යම කඳුකරය ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝව විසින් ප්‍රකාශයට පත් කරල තියෙන්නෙත් මේ හේතුව නිසාමයි. මේ ගිරි දුර්ග වලින් පිරුණ මධ්‍යම කඳුකරයේ ඔබේ ජීවිතයේදී එක් වරක් හෝ තරණය කළ යුතුම ඉතාමත් සුන්දර සුවිශේෂී කඳු කිහිපයක් තිබෙනවා. ඔබත් විනෝදයට කඳු නගින්නෙක් නම් ඔබට මේ කඳු තරණය කිරීමෙන් ඉතාමත් සුන්දර අත්දැකීම් රාශියක් ලබා ගන්න පුළුවන්.


සමනළ කන්ද 


රත්නපුර නඟරයේ සිට කිලෝ මීටර් 40ක් පමණ දුරින් පිහිටා ඇති සමණල කන්ද ශ්‍රී ලංකාවේ ඇති පූජනීයම කඳු ශිකරය ලෙසයි සැලකෙන්නේ. මෙයට හේතුව බුදුන් වහන්සේගේ ශ්‍රී පා සටහන මෙම කඳු මුදුනේ පිහිටුවා තිබීමයි. මුහුදු මට්ටමේ සිට මීටර් 2243ක් ඉහළින් පිහිටා ඇති මෙම කන්දට ලංකාවේ උසම කඳු අතරින් 4 වන ස්ථානය හිමිවෙනවා. කඳුකරයේ බොහෝ ප්‍රදේශ වලට දර්ශනය වන මෙම කඳු මුදුන කොළඹ, කළුතර සහ බෙන්තොට වැනි වෙරළ ප්‍රදේශ වල සිටත් පැහැදිලි අහසක් සහිත කාල වලදී දැක ගන්න පුළුවන්.සමණල කන්ද ආශ්‍රිතව තිබෙන රක්ෂිතය නොඉදුල් වනාන්තරයක්. මෙය දුර්ලභ පැලෑටි සහ සතුන්ගෙන් ගහන වනාන්තරයක් වන අතර ජනප්‍රවාද වලට අනුව විශ්මිත ඔෂධ පැලෑටි, සුදු ඇතුන්, ලෝම සහිත කුරු අලින් මෙම වනයේ සිටින බවටත් විශ්වාසයක් පවතිනවා. සමන් දෙවියන් විසින් ආරක්ෂා කරනවා යැයි සැලකෙන හාස්කම් වලින් පිරුණු මෙම වන අඩවියේ සිට ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගංගාවන් 4ක් වන මහවැලි, කැළණි, කළු සහ වලවේ ආරම්භ වෙනවා.


කිරිගල්පොත්ත

ලංකාවේ දෙවන උසම කන්ද කිරිගල්පොත්ත ලෙසයි සැලකෙන්නේ. නුවරඑළිය දිස්ත්‍රික්යේ හෝර්ටන් තැන්න ආශ්‍රිතව පිහිටා ඇති කිරිගල්පොත්ත  මීටර් 2388ක් පමණ උසකින් යුක්තයි. හොර්ටන් තැන්න මුහුදු මට්ටමේ සිට මීටර් 2100ක් පමණ උසින් ඇති නිසා මෙම කන්ද තරණය කිරීමට නම් ඔබට මීටර් 288ක පමණ දුරක් තමයි ඉතිරිවන්නේ. එහෙත් හෝර්ටන් තැන්නේ ඇති සැනෙකින් වෙනස්වන සුළු කාලගුණය නිසා මෙම කන්ද තරණය කිරීම ඉතාමත් දුෂ්කර කටයුත්තක් වෙනවා. කඳු මුදුනට නැගීමෙන් පසුව දැක ගන්නට ලැබෙන අති මනස්කාන්ත දර්ශනය නම් කඳු නගිනන්නගේ වෙහෙස ඉතාමත් ඉක්මනින් දුරු කරන්නට සමත් වෙනවා

අලගල්ල 

කෙළඹ නුවර දුම්රිය මාර්ගයේ ඉහල කෝට්ට් දුම්රිය ස්ථානයට ඉහළින් පිහිටි විශාල පර්වතය අලගල්ල කන්ද ලෙස හදුන්වනවා. ඉහළ කෝට්ටේ ගම්මානය හරහා ගොස් මෙම කන්ද තරණය කල හැකියි. මධ්‍යම සහ සබරගමු පළාත් මායිමේ පිහිටා ඇති අලගල්ල කදු වැටිය වසර සිය ගණනක් විදේශිකයින්ගෙන් උඩරට ආරක්ෂා කිරීමට දායක වූ ස්වභාවික බාධකයක් ලෙස ඉතිහාසයේ සඳහන්. මේ ආසන්නේයේ ඇති බලන කොටුව එවක සිංහල හමුදාවේ ප්‍රධාන බලකොටුවක් වී පැවතී තිබෙනවා.තරණය කිරීමට අපහසු වන ලැහැබක් සහ දැඩි බෑවුමක් සහිත මෙම කඳුවැටිය මධ්‍යම කඳුකරයේ එක් මායිමක් වෙනවා. මෙහි සිට ගලා බසින මීටර් 30ක් පමණ උස දෙකින්ද ඇල්ල නැරඹීමටත් කන්ද තරණය කරන ඔබට හැකි වෙනවා. අලගල්ල මුදුනේ සිට මධ්‍යම කඳුකරයම සහ කඳුකරයට පහළ විශාල භූමි ප්‍රදේශයක් දැක ගැනීමේ හැකියාව ඔබට ලැබෙනවා

නක්ලස් 

නකල්ස් ලංකාවේ ඉතාමත් වැදගත් කඳුවැටියක් ලෙසයි සැලකෙන්නේ. එයට හේතුව නකලස් කඳු වැටිය ආශ්‍රිත වන රක්ෂිතය ජෛව විවිධත්වය අතින් ඉතාමත් පොහොසත් ලංකාවේ දැකගන්නට ලැබෙන දුර්ලභ ශාක සහ සත්වයින්ගේ නිජ බිමක් වීමයි. ලංකාවට ආවේනික වූ විශාල ශාක සහ සත්ව විශේෂ ප්‍රමාණයක් මෙහි දැකගන්න හැකි වෙනවා. මෙම කඳුවැටියට නකලස් යන නම ලැබී ඇත්තේ බැලූ බැල්මට එය මිට මෙලවූ අතක හැඩයෙන් යුක්ත වන නිසයි.මෙම කඳුවැටිය අසල පිහිටි ගම්මාන තවමත් ඉතාමත් සාම්ප්‍රදායික ලෙස පැවතීමත් සුව්ශේෂත්වයක්. මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති මෙම කඳුවැටිය සිංහල වැසියන් අතීතයේ සිට හැදින්වූයේ දුම්බර කඳුවැටිය ලෙසයි. මෙහි ඇති වැදගත් කම නිසාම 2010 වර්ෂයේදී මෙය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා














ලකේගල 

නකල්ස් කඳුවැටියේ මධ්‍යයට වන්නට පිහිටා ඇති ලකේගල කොළඹ සිට කි.මි. 175ක් පමණ දුරින් පිහිටි මීමුරේ නම් ගම්මානයට යාබදව පිහිටා තිබෙනවා. ලංකාවේ ඇති තරණය කිරීමට දුෂ්කරම  කන්දක් ලෙසයි මෙය සැලකෙන්නේ. ජනප්‍රවාද රැසක්ම මේ කන්ද ආශ්‍රීතව නිර්මාණය වී තිබෙන අතර මෙය රාවණ යුගයේ ස්වභාවික පිරමීඩයක් ලෙස භාවිත කළ බවද රාවණ රජුගේ දඩුමොනරය ගුවන් ගත කල ස්ථානය බවටද මතයක් තිබෙනවා. මීටර් 1310ක් පමණ උසකින් යුත් මෙම කන්ද මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්ක වල මායිමේ පිහිටා තිබෙනවා.



Comments

Post a Comment

Popular posts from this blog

ලංකාවේ මනරම් දිය ඇලි 6

ලෝකයම හොල්ලපු බයික් 5 මේන්න